Latest Videos

Anarkali Akarsha' s Wedding Day


අනර්කලී ආකර්ෂා නංගිට ,
නංගි උබ කසාද බදීනවා කියලා ආරංචි උණු ගමන් අපේ රටේ මිනිස්සු උබට නම්බුනාම ලබාදීලා ලස්සන වචන වලින් ආමන්ත්‍රණය කරා , හැබැයි නංගි ඒ මිනිසුන්ට මතක නැහැ උන්ගේම මනාපයෙන් උබ දකුණු පළාත් සභාවට තේරී පත්වූ වගවත්.....
උබ ලස්සන කෙල්ලක් , අපේ රටේ අඩුම වයසින් මිස් ශ්‍රී ලංකා ලෙස කිරුළු පලන් හැඩකාර තරුණියක්, උබ දේශපාලනයට ආවා තමයි ස්ටේජ් වල කැඩිච්ච සිංහලෙන් උබේ දේශපාලන හුරතල් කතා අහන්න එන මිනිස්සුන්ට ටොෆි චොකලට් බෙදුවා තමයි , බොරු පොරොන්දුත් දුන්නා තමයි ඒ වගේම චන්ද කාලයේ '' ධීවරයන්ට උදලු තලත් '' බෙදුවා තමයි, හැබැයි ඒ උබේ වරද නෙවෙයි,
''උබත් කලේ මහජනතාව දේශපාලකයාට මනාප ලබා දෙන සිස්ටම් එක අල්ලා ගැනීම පමණයි''
කොහොම නමුත් උබ ආණ්ඩුවේ ඉන්න පාර්ලිමේන්තුවේ ගණිකා සේවයේ යෙදන මැති ඇමති හොරුන් කුඩ්ඩන්, මංකොල්ල කාරයන් , ගසා කන්නන් , වගේ ජනතාවගේ දේපොළ හූරා කෑවේ නැහැ ,ඒ ගැන එක අතකින් අපිට පොඩි මෙව්වා එකක් උබ ගැන තියෙනවා ,
අදත් මම කියන්නේ අනර්කලී කියන දේශපාලන මලහෝන්තුවට වඩා අනර්කලී ආකර්ෂා කියන හුරුබුහුටි හැඩකාර , හුරතල් ලෙස කතා කරන මල් ගස් වටේ දුවන ආකර්ශනීය රූපය ඇත්තියට කැමති කියලයි ,
අනර්කලී නංගිට සහ සහකරුට ප්‍රීතිමත් විවහා ජිවිතයක් පතමි !!

No comments :

Post a Comment

CJ Entertainment Hub Designed by Templateism.com Copyright © 2014-2015

Powered by Blogger.